Preloader
img

ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ට ඇති වෘත්තීය මාවත්

Econ කළොත් බැංකුවක විතරක් වැඩ කරන්න වෙයි කියලා හිතනවා නම් ඒක වැරදියි. මේ විෂය හරහා විවෘත වන දොරටු රැසක් තියෙනවා:

  • ආර්ථික විශ්ලේෂක (Economic Analyst): දත්ත ඇසුරෙන් අනාගත ප්‍රවණතා පුරෝකථනය කරන්නන්.

  • මූල්‍ය උපදෙස් දෙන්නන් (Financial Advisor): පුද්ගලයන්ට සහ ආයතන වලට ආයෝජන උපදෙස් ලබාදීම.

  • ප්‍රතිපත්ති සම්පාදකයන් (Policy Makers): රජයේ හෝ ජාත්‍යන්තර ආයතන වල ආර්ථික සැලසුම් සකස් කරන්නන්.

  • ව්‍යවසායකත්වය (Entrepreneurship): තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට Econ දැනුම විශාල ශක්තියක්.